දවස වෙනදාටත් කලින් උදාවී ඇති සෙයකි. ඉඳුනිල් උදේ පාන්දරින්ම පිටත්ව ගොස්ය. දැන් දින කිහිපයක සිට ඉඳුනිල් උදේ පාන්දර අවදි වෙයි. ලක ලෑස්ති වී පිටව යයි. කාන්තිට මේ පිළිබඳ වැඩි නිච්චියක් නැත. සමනල කඳු මුදුනින් අහසට නැඟුණු ඉර කළු ගං වතුරට වැටී රටා මවයි. කාන්ති උදෙන්ම ගඟට යන්නේ දහවලට අව් රස්නේ වැඩි වන බව දැනගෙනය. උදේට ගමේ ගෑණුන් අඩු නිසා ගංතොටේ කලබලයක් නැත. ඒත් ඉතින් කාන්තිගේ හිතේ ගමේ ගෑණු කියන කතා මේ දැන් කිව්වා සේ රැුව් පිළිරැුව් දෙමින් ඇසේ.
‘‘ඈ බං කාන්ති උඹ අනුරාධපුරේ වෙච්චි මේ රත්නපුරේට ඇවිල්ලා ඉතින් හේන් කොටන්න කියලැයි’’.
‘‘මෙහෙ ඉතින් පතලකට සෙට් උනොත් තමා’’
‘‘ඉඳුනිල් මල්ලී කියලා අතපය වෙහෙස වෙලා වැඩ කරන එකෙක් යැ බං’’.
‘‘තාත්තට ඉතින් ඔච්චර ඉඩකඩං තිබුණාද? වත්ත වටේටම මැණික්, කිසිම උනන්දුවක් නෑනේ ඇත්තට’’.
‘‘අනික මං අහලා තියෙනවා, මැණික් ගැන හාන්කවිසියක් දන්නේ නැති වුන්ට වාක්කුව තියෙනවා’’.
වාක්කුව කාන්තිට ඇතිවූයේ කුතුහලයකි.
‘‘වාසනාව බං වාසනාව’’.
No comments:
Post a Comment